ප්‍රමුඛ පුවත 1

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය පිළිබඳව ඉදිරියේ දී දැඩි නීති රීති

(UTV| කොළඹ) – ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීම් සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අවධානය යොමු වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයාබැලීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක් විය.

ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවි කිරීමේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබඳව සියලු ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැනුවත් කිරීමත්, රන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සුපරික්ෂාකාරී වීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව ඉදිරියේ දී අදාළ නීති රීති විධිමත් අයුරින් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

මැණික් ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමේ දී මතුව ඇති ගැටලු, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රන් නිෂ්කාශන කටයුතු වැනි කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. සුමනසේකර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආර්ථීකය ගොඩනගන්න එන්න ජනපතිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

Mohamed Dilsad

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment