ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායකගේ නඩුව කල්යයි

(උදයම්,කොළඹ)  – කූඨ ලේඛන සැකසීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූලි මස 17 වන දිනට කල් දමා තිබේ.

පසුගිය  ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  අතර  රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි කියමින් කූඨ ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කළ චෝදනාවට තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන පසුගිය ඔක්තෝබර් 19දා උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකොට පසුව ඇප මත නිදහස් විය.

අදාළ නඩුව අද (20) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නඩුව මුළුමනින්ම පාහේ පදනම්ව ඇත්තේ වේ 1වන හා 2වන සාක්ෂිකරුවන් මත බැවින් වුවත් ඔවුන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩු විභාගයට වෙන යම් දිනයක් ඉල්ලා තිබේ.

මෙම නඩුවේ 1 වෙනි හා 2 වෙනි සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා රාජකාරී බහුල බැවින් අද දිනයේ අධිකරණයට පැමිණීමට අපහසු බව කල්තියා අධිකරණයට දන්වා ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණ.

ඒ අනුව අදාළ නඩුව ජූලි මස 17 වන දින  විභාගයට ගැනීමට මහාධිකරණය තීරණය කර තිබේ.

Related posts

අදත් දවස පුරා වැසි

Mohamed Dilsad

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්තුමිය වැඩ භාර ගනී

Mohamed Dilsad

ගාලුමුවදොර මැයි රැළියේදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment