ප්‍රමුඛ පුවත 1

අදත් දවස පුරා වැසි

(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්න් දෙයි.

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

මීට අමතරව ගාල්ල කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මරණ 04 ක් වාර්තා වී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයෙනි.

ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 02 බැගින් වාර්තා වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

පවුල් 12,478 ක පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අධික වැසි සමග ඇතිවූ ජල ගැලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 35කි.

නිවාස 1668 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වල්ලපට්ටා සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රුපියලේ අගය තවත් බසී

Mohamed Dilsad

25,000 සේ දඩයට බස් සංගම් විශ්ලේෂණයක – ත්‍රීවීල් වලින් විරෝධය එල්ලවෙයි

Mohamed Dilsad

Leave a Comment