ප්‍රමුඛ පුවත 1

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

(UTV| කොළඹ) – වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත ගාල්ල කොට්ඨාශය වෙත මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර එහිදී ස්ථානාධිපතිවරයා කටයුතු කළ ආකාරය ගැටලු සහගත බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබුණි.

පසුගිය දිනවල ස්ථානාධිපතිවරයාට එරෙහිව වැල්ලම්පිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විසින් විරෝධතාවක් ද පැවැත්වුහ.

අදාල නඩු කටයුත්තේ දී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳ පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කළ අතර එහි අතුරු වාර්තාව විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගියදා පොලිස් මූලස්ථානය වෙත බාරදී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක හා සංවිධායක ගැන තීරණය හෙට

Mohamed Dilsad

නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටි පුද්ගලයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment