ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කරයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙම සැකකරු අද(21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව මෙම සැකකරු ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වන්නේ ද යන්න පිළිබඳව හොරොව්පතාන පොලීසිය මගින් රහස් පොලිසිය වෙත කරුණු වාර්තා කර ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද අල්ලස් කොමිසමට නියම කළේය.

පසුදියදා ත්‍රස්ත සමාජීකයා නිදහස් කරගැනීමට හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී  ඔහු අත්අඩංගුවට ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මඩකලපුවේ විරෝධතාවයේදී පිරිසක් තුවාල ලබයි(වීඩියෝ)

Mohamed Dilsad

“තරුණ පරපුර ස්වයං ව්‍යවසායකයින් බවට පත් කරනවා” – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමට

Mohamed Dilsad

Leave a Comment