ප්‍රමුඛ පුවත 1

චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනට

(උදයම්,කොළඹ)  – තුන්දින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය චෑන් වෑන්කුවන් මහතා  අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිනී මට නියමිතයි.

චීන මහජන විමුක්ති හමුදාවේ ජනරාල්වරයෙකු වන ඔහු දිවයිනට පැමිණෙන්නේ 19 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග බව වාර්තාවේ.

චීන ගොඩබිම් සහ මුහුදු සේද මාර්ගවල ආරක්ෂක කටයුතු පිළිබඳව ඇගයීමක් සිදුකිරීමේ අරමුණෙන් මීට පෙර මෙම නියෝජිත පිරිස නේපාලය සහ බංග්ලාදේශයේද සංචාරයක නිරතවුණි.

දිවයිනට පැමිණෙන චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලූ රජයේ නියෝජිතයන් මුණගැසීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙන්ම කලාපීය ආරක්ෂක කටයුතු පිළිබඳව ඔහු මෙරට බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇත.

Related posts

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

Mohamed Dilsad

ෆවුසි පක්ෂයෙන් නෙරපීමට නිදහස් පක්ෂය තීරණය කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment