විදෙස්

කැරට් 709 ක් බරැති දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගනී

(උදයම්,අප්‍රිකාව)  –  කැරට් 709 ක් බරැති දියමන්තියක් නැගෙනහිර අප්‍රිකාවේ සියෙරා ලියොන් රාජ්‍යයෙන් සොයා ගැනේ.මෙය ලොව මෙතෙක් සොයා ගත් දහතුන් වන විශාලතම දියමන්තිය ලෙස සැලකිය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දියමන්ති සෙවීමේ නිරත වූ එම්මානුවෙල් මොමෝ නමැති දේවගැතිවරයෙකු විසින් මෙම දියමන්තිය සොයා ගෙන ඇත.ඔහු රජයේ බලපත්‍ර ඇතිව දියමන්ති කර්මාන්තයේ නියලී සිටින්නෙකි.

මෙම දියමන්තියේ මිල ඩොලර් මිලියන 100 ඉක්මවන බව සඳහන්වේ.

1905 වසරේදී දකුණු අප්‍රිකාවෙන් කැරට් 3106 ක දියමන්තියක් සයා ගැනුණි.

මෑතකදී සොයා ගැණුනු විශාලතම දියමන්තිය වන්නේ බොට්ස්වානා රාජ්‍යයෙන් 2015 වසරේදී හමුවූ කැරට් 1111 ක දියමන්තියය.

Related posts

ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයි

Mohamed Dilsad

කාබුල් මිලිටරි ඇකඩමියේ පිපිරීම් සහ වෙඩි හඬවල්

Mohamed Dilsad

පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් පෙරමු‍ණට

Mohamed Dilsad

Leave a Comment