ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික නීති කඩකළ පංචිකාවත්තේ වෙළෙඳ සැල් 30කට නීතිමය පියවර

(උදයම්,කොළඹ) – මරදාන පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන වෙළෙද ස්ථාන වටලා පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පාරිභෝගිකයන් වෙනුවෙන් ගුණාත්මක භාණ්ඩ හා සේවාවක් ලබාදීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙවැනි වැටලීම් දිගින් දිගටම සිදුකරන බවය.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ චීනයෙන් ආනයනය කළ අමතර කොටස් ජපන් නිෂ්පාදන හා ජර්මන් නිෂ්පාදන ලෙස වෙනස් කර විකුණන ස්ථාන සහ මිල සඳහන් නොකර විකුණන අමතර කොටස් රැසක් අත්අඩංගුවට ගත් බවයි.

මෙවැනි පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක භාණ්ඩවලට මුද්‍රා තැබූ බවත් මෙම භාණ්ඩ පරීක්ෂාවකට ලක්කර එහි නිෂ්පාදිත රටවල අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නැත. මෙම වැටලීම සඳහා කළුතර දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කණ්ඩායමක්. ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කණ්ඩායමක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක් යොදවා තිබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ පාරිභෝගික නීති කඩකරන සියලුම ආකාරයේ වෙළෙඳ සැල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයාගෙන් ලැබී ඇති උපදෙස් අනුව මෙම විශේෂ වැටලීම් දියත් කරන බවයි.

Related posts

ජාතික රූපවාහිනියේ, සැලසිනේ ආයතනය සහ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටු වෙනස් වෙයි

Mohamed Dilsad

ශැන්ග්‍රීලා හෝටලයේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

2019 අයවැය කලින් එයි

Mohamed Dilsad

Leave a Comment