ප්‍රමුඛ පුවත 1

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

(උදයම්,කොළඹ)  – මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගෙන ඇති බවට සැක කෙරෙන අරිස් 13 නමැති වෙළඳ නෞකාව මුදා හැරීමට පැහැරගත් කොල්ලකරුවන් කප්පම් මුදලක් ඉල්ලා සිටියහොත් එය ලබා දීමට අදාළ නැවේ සමාගමේ හිමිකරු එකගතාවය පළ කර ඇති බව වාර්තාවේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදාළ නැව් සමාගමට සේවකයන් සැපයූ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා වන ටිරෝන් ප්‍රනාන්දු මේ බව පැවසීය.

කොල්ලකරුවන් මේ දක්වා කප්පම් මුදලක් ඉල්ලා ඇති බවට තහවුරු කළ හැකි වාර්තා ලැබී නොමැත.

කෙසේ නමුත් පැහැර ගැනීමට ලක්වූ නෞකාව සෝමාලියානු ආරක්ෂක අංශ විසින් මේ වනවිට වටකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Related posts

වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදී

Mohamed Dilsad

මන්ත්‍රී පියංකර විපක්ෂයේ අසුන් ගනී

Mohamed Dilsad

පළාත් කිහිපයකට විටින්විට වැසි

Mohamed Dilsad

Leave a Comment