ප්‍රමුඛ පුවත 1

තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  – රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
අදාළ නඩුව අද(16) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා සැකකාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කීරීමට නියෝග කර තිබේ.
එහිදී හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  විත්ති කූඩුවේ සිට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ඇප නියම නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවය.
තමන්ට එරෙහිව පවතින්නේ තාජුදීන් ඝාතනයේ තොරතුරු වසන්  කිරීමේ චෝදනාව බව සඳහන් කරන අනුර සේනානායක මහතා එවැනි චෝදනා එල්ල වී ඇති අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කළ හැකි නමුත් මාස 10කට ආසන්න කාලයක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් තමා කායික හා මානසික වශයෙන් දැඩි ලෙස පීඩනයට ලක්ව ඇති බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
තමාට ද අවශ්‍ය තාජුදීන් ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන එම නඩුවෙන් නිදහස් වීම බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට සඳහන් කර තිබේ.මේ නිසා හැකි ඉක්මනින් නඩු කටයුත්ත අවසන් කර තමාට නිදහස ලබා දෙන ලෙසද සේනානායක මහතා මෙහිදී අධිකරණයෙන්ඉ ඉල්ලීමක්ල්ලී කර ඇත.

Related posts

අමෙරිකානු සහකාර ලේකම්වරියක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment