ප්‍රමුඛ පුවත 1

සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන්නැයි උපදෙස්

(UTV| කොළඹ) – පෞද්ගලික උපකාර පන්ති ද ඇතුළු සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙයි.

එවැනි ආයතනවල ප්‍රමිතිය හා ළමුන්ගේ අයිතිවාසිකම් කඩවීම පිලිබදව සලකා බලා මේ තීරණයට එළඹි බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති H.M. අබේරත්න මහතා සදහන් කළේ ය.

විශාල පරිමාණයෙන් සිදුකරන උපකාරක පන්තිවල දී දරුවන්ගේ මූලික අයිතිවාසිකම් හෝ සපුරා ගැනීමේ හැකි තත්වයක් නොමැති බවත්, නියාමනයක් නොමැති වීම නිසා ඇතැම් දරුවන් අපචාර සඳහා ද යොමුවීමට හැකි බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මේ නිසා දරුවන් අධ්‍යාපනය ලබන ඕනෑම අධ්‍යාපන ආයතනයක් නියාමනයට යටත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව  සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා මඩින්න ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වේ

Mohamed Dilsad

බඩඉරිඟු සඳහාත් සහතික මිලක්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවත්වන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

Leave a Comment