ප්‍රමුඛ පුවත 1

හෙට කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්.

(UTV| කොළඹ) –  මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට හෙට (10) උණුසුම් කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි.

මේ තත්ත්වය අනුව අදාළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

ඇමති රිෂාඩ් කටාර් වාණිජ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment