ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් අධ්‍යාපන ආමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ත්‍රස්ත සංවිධාන සමග සබඳතා පවත්වා ඇති බවට ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියට අනියුක්තව සේවය කළ අයෙකි.

ඒ නිසා ඔහු සේවය කල අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලටත් සීල් තබා ඇති බව වාර්තාවේ.

ඔහු නොරොච්චෝලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ කොළඹ පිහිටි කාර්යාලයේ තිබූ ඔහුට අයත් ලිපි ගොනු රැසක් හා පරිගණකය ද පරීක්ෂණ සඳහා පොලීසිය භාරයට ගෙන තිබේ.

අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ නිමවූ පසු අමාත්‍යංශය විසින්ද ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිටම් සිසුන්ගෙන් ජනපතිට යළිත් ලිපියක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

Mohamed Dilsad

Leave a Comment