ප්‍රමුඛ පුවත 1

ගෝඨභයට රට යන්න අවසර

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතාට විදේස්ගතවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබාදුන්නේය.

ඒ අනුව ඔහුට මේ මස 15 වන දා සිට 19 වනදා දක්වා විදෙස් ගතවීමට හැකියාව තිබේ.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදි මෙම අවසරය ලබා දුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් 06 දෙනෙකුට එරෙහිවයි නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවරයින් වර්ජනයක

Mohamed Dilsad

ජනපති මහා සංඝරත්නයේ ප්‍රශංසනයට

Mohamed Dilsad

එජාපයේ විනාශය පිලිබඳ විජේදාස කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment