ප්‍රමුඛ පුවත 1

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

(උදයම්,කොළඹ)  – මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී  ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබා දුන් බවය.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවති අතර ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරුන් සහ දෙමව්පියන් මෙන්ම අමාත්‍ය එස්.බී. දිසානායක මහතාද සහභාගි වුහ.

නමුත් මෙම සාකච්ඡාවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට ආරාධනා කර නොතිබූ බවද වාර්තාවේ.

Related posts

ජනපති හා එජාපෙ සකච්ඡාව විසඳුමකින් තොරව අවසන්

Mohamed Dilsad

අපරාධ රැල්ල මැඩීමට විශේෂ කාර්යය බලකා සහාය

Mohamed Dilsad

අගමැතිගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව මැයි මාසයේදී

Mohamed Dilsad

Leave a Comment