ප්‍රමුඛ පුවත 1

තද සුළං සහ තද වැසි තවදුරටත් කාලගුණ අංශ කියයි

(UTV| කොළඹ) – මධ්‍ය-බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චණ්ඩ සුළි කුණාටුව ‘ෆොනී’ මැයි 01 වන දින ප.ව. 11.30 වන විට යාපනය සිට ඊසාන දෙසින් කි.මී.750 පමණ දුරින් උතුරු අක්ෂාංශ 15.2 ත් නැගෙනහිර දේශාංශ 84.1 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කර ඉන්දියාවේ ඔඩිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කෙරේ.

දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක්තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.

දිවයිනේ සබරගමුවමධ්‍යමදකුණුබස්නාහිරඌව සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන්ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයි

Mohamed Dilsad

හතුරුසිංහට චෝදනා පත්‍රයක් – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Mohamed Dilsad

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්..

Mohamed Dilsad

Leave a Comment