ප්‍රමුඛ පුවත 1

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළ සැකකරුවන් 44දෙනෙක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අත්අඩංගුවට ගත් අය අතරින් 7ක් කාන්තාවන් වන අතර අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවා තබාගෙන විමර්ශන සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියා සිටියි.

මෙම සැකකරුවන් 15 දෙනාගෙන් සැකකරුවන් 07ක් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ දෙහිවල බෝම්බ සිද්ධියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අනෙක් 8 දෙනා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට බාරදුන් සැකකරුවන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙත්, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය භාරයෙත් මේ සිද්ධිවලට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ සම්පූර්ණ ගණන 69ක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රූමස්සලදී අනතුරටපත් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීම අදත්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

එජාප රැළිය කල් ගියේ ඇයි ?

Mohamed Dilsad

Leave a Comment