ප්‍රමුඛ පුවත 1

සෑම පාසැලකටම ආරක්‍ෂක කමිටුවක්

(UTV| කොළඹ) – සියලු පාසල්වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් පාසැල්වල දෙවන වාරය ආරම්භ වීමට පෙර පාසල් ආශ්‍රිත ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන්, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහය ඉල්ලා ඇත.

මේ අතර පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා මුද්‍රණය කර ඇති පාසැල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පාසාල් ආරම්භ වන දිනය ලබන 6 වන දා දක්වා කල්යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයට සහය දැක්වීමට ආපනශාලා වල ආහාර මිල පහළට

Mohamed Dilsad

වාර්ෂික ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට

Mohamed Dilsad

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment