ප්‍රමුඛ පුවත 1

බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස්

(උදයම්,කොළඹ)  – පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව  සතු රු.දෙකෝටි අනූ ලක්ෂයක මුදලක් වැයකොට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීමේ චෝදනාව ඇතුළු අධි චෝදනා 5ක් යටතේ නීතිපතිවරයා  විසින් පවරා ඇති නඩුවේ පළමු විත්තිකරු බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස් කර තිබේ.

අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී රු. ලක්ෂයක මුදල් ඇප සහ රු. ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා සැකකරු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළ අප අධිකරණ වාර්තාකරු පවසයි.

කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදීම අද සිදුවූ අතර  එම නඩුව විභාග ගැනීමට දින නියම කිරීමට මැයි 24 දින යළි නඩුව කැඳවීමට තීරණය කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරු ලෙස දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නම්කොට ඇති අතර ඔහුට මීට පෙරාතුව ඇප නියම වී තිබුණි.

Related posts

ඉන්ධන මිල වෙනස් වෙයිද?

Mohamed Dilsad

ජාතික තිරසාර සැලැස්ම අද අගමැති ප්‍රධානත්වයෙන් එලි දකී

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..

Mohamed Dilsad

Leave a Comment