ප්‍රමුඛ පුවත 1

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – පාසල් වාරය ලබන සඳුදා(29) ආරම්භ වීමට නියමිත අතර දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ දෙමාපියන්ගේ ද සහය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබේ.

වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් ද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව නිවේදනයේ සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත

Mohamed Dilsad

වයස 18ට වැඩි ස්ථිර ලිපිනයක් නොමැති අයටත් ඡන්ද අයිතිය

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් නව පක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment