ප්‍රමුඛ පුවත 1

පාසල් වල ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – පාසල් වාරය ලබන සඳුදා(29) ආරම්භ වීමට නියමිත අතර දෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර සියලු පාසල් හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව විශේෂ ක්‍රියාන්විතයක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ දෙමාපියන්ගේ ද සහය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීම් කර තිබේ.

වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා කලාප අධ්‍යක්ෂවරුන් ද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව නිවේදනයේ සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

Leave a Comment