ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

(UTV| කොළඹ) –

කොළඹ නගරය තුළ මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි.

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කොළඹ නගරයේ කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා තාවකාලිකව වසා දමා තිබුණි.

බදුල්ල සහ කුරුණෑගල ප්‍රදේශ වල මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බදුල්ල නගරය ආශ්‍රිතව ද මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

එසේම බදුල්ල මහ රෝහල සහ අධිකරණ සංකීර්ණයද විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තාවේ.

මේ අතර කුරුණෑගල බස් නැවතුම්පොළේ ද විශේෂ පරීක්ෂාවක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට පුරා පොලිස් ඇඳිරිනීතිය

Mohamed Dilsad

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි සහ සුළගේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment