ප්‍රමුඛ පුවත 1

පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයීන්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සදහන් කරයි.

කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ ,අංක 111 දරන ස්ථානයේ පිහිටි ,අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හදුනා ගත හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් අනන්‍යතාවය හදුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින්ගේ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හදුනා ගැනීමට හැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ලොකු ලූනු වගාව කඩා වැටීමේ අවධානමක්

Mohamed Dilsad

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment