ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(UTV| කොළඹ) – දිවයින පුරා ක්‍රියාත්මක පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00  ඉවත් කල බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පවතින සාමකාමී තත්ත්වය සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කල බවයි.

ඊයේ(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වුණි.

එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට සංදේශයක්

Mohamed Dilsad

ලංගම සභාපති ධුරයට උපාලි මාරසිංහ

Mohamed Dilsad

පෞද්ගලික බස් සංගම් වර්ජනය ක්‍රියාත්මකයි.බස් ධාවනය සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment