ප්‍රමුඛ පුවත 1

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

(UTV| කොළඹ) –  අද (21) රාත්‍රියේ හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

ඒ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙනය.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් පරිදි ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුව අනිද්දා පස්වරුවේ හදිසියේ කැඳවීමට තීරණය කර ඇති බවයි.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (21) පස්වරුවේ නිකුත් කිරීමට නියමිතය.

මේ අතර සියළු රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තීරණය කර ඇත.

නමුත් නේවාසිකාගාරවල සිටින සිසුන්ට තවදුරටත් එහි රැදී සිටිය හැකි බවද ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, පොලිස්පතිවරයාගේ නියෝග මත සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.

මීට අමතරව බස් රථ සහ දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව අද දිනයේ සියළුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

Mohamed Dilsad

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

අගරදගුරුතුමා සියලු පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කරයි

Mohamed Dilsad

Leave a Comment