විදෙස්

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අරුන් ජෙයිට්ලි

(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය මුදල් අමාත්‍ය අරුන් ජෙයිට්ලි ට ලබාදීමට මෝදි රජය තීරණය කරයි. ඊට හේතුවුයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය මනෝහර් පරික්කාර් ගෝව ප්‍රාන්තයේ මීළඟ මහඇමතිවරයා ලෙස පත් කිරීමත් සමඟය.

මනෝහර් පරික්කාර් ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි විසින් ඊයේ පිළිගෙන තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව ආරක්ෂක අමාත්‍ය ධුරය මුදල් ඇමතිවරයා වෙත ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අනුව අරුන් ජෙයිට්ලි විසින් ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීම අද සිදුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Related posts

චිලීහි ලැව් ගිනි වලින් නිවාස දහස් ගණනක් විනාශයි

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

Editor O

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment