ප්‍රමුඛ පුවත 1

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

(UTV|මහියංගනය) – මහියංගනය-බදුල්ල මාර්ගයේ,  මහියංගණය  මහා විද්‍යාලය ඉදිරියේදි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

අද (17)අලුයම 1.30 ට පමණ වෑන් රථයක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුර සිදුව තිබේ.

දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ මීටරයක් පමණ ඇතුළට ගොස් ඇති බව පොලිසිය පැවසීය.

එහිදී වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුඩා දරුවන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකි.

වෑන් රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර අනෙක් කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වයද බරපතළ බව මහියංගනය මූලික රෝහල ප්‍රශකයෙක් පැවසීය.

මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ

අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ උපකාරක පංති අද සිට තහනම්

Mohamed Dilsad

නිවසේ සිට වැඩ කරන තවත් සතියක් අදින් ඇරඹේ

Mohamed Dilsad

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment