ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ ආහාර සහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න…

(UTV| කොළඹ) – සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී ආහාර රස ගැන්වීම සඳහා කෘතිම රසකාරක භාවිතයෙන් වැළකී සිටින ලෙසට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන බවත් , මෙම ද්‍රව්‍ය භාවිතා කිරීම ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වන බවත් එබැවින් දේශීය කුළු බඩුවලින් ආහාර රස ගැන්වීම සිදුකරන ලෙසටත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා ජනතාවට දැනුම් දුන්නේය.

ඒ වගේම , අවුරුදු සමයේදී විදුලි උපකරණ සහ විවිධ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසටත් පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.

තොග අවසන් කිරීම සඳහා බව පවසමින් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කිරීමේ සිද්ධින් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ඒ සදහා විශේෂ අවධානය යොමුකරන ලෙසටයි පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් මහතා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

භාවිතයට නුසුදුසු මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුව භාරයට

Mohamed Dilsad

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Mohamed Dilsad

Leave a Comment