ප්‍රමුඛ පුවත 1

භාවිතයට නුසුදුසු මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුව භාරයට

(UTV| කොළඹ) –  භාවිත කරන ලද මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.

පෞද්ගලික සමාගමක් විසින් අදාළ මෙට්ට ඇතුළත් කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි.

විදෙස් රටකින් මෙරටට ගෙන්වූ මේවා අපද්‍රව්‍ය ගණයට ගැනෙන ද්‍රව්‍ය බවට දැඩි ලෙස සැකකරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේය.

මේවායේ ඇතැම් ද්‍රව්‍ය පරිසරයට හානිකර ද්‍රව්‍ය පැවැතිය හැකි බවටද සැක කෙරේ.

මෙම කන්ටේනර් අතරින් කිහිපයක් ලබන සඳුදා විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට පෙරද මෙට්ට ඇතුළත් කන්ටේනර් රථ තොගයක් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ඇති බව වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට කුමාර වික්‍රමසිංහ මහතා…

Mohamed Dilsad

සයිටම් ගැන අවසන් තීරණය 17

Mohamed Dilsad

ඉදිරි පැය 06 පිළිබදව කාළගුණයෙන් අනතුරු ඇගවීමක්…

Mohamed Dilsad

Leave a Comment