ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 10ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 50ක් සිය භාරයට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු තංගල්ල ප්‍රදේශයේ සිදු කළ කොල්ල කෑමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටින හා වලස්මුල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ කොල්ල කෑමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ නීතිවිරෝධී ශ්‍රමිකයින්ට පොදු සමා කාළයක්

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

අල්ලස්, වත්කම් බැරකම් සහ අල්ලස් කොමිෂන් සභා යන පනත් එක් කොට නව පනතක්

Mohamed Dilsad

Leave a Comment