ප්‍රමුඛ පුවත 1

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

(UTV| කොළඹ) – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනව  කැබිනට් මණ්ඩලයේදී ඊයේ (02) ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයාගේ යෝජනව කිසිසේත් ඉඩ දිය නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා ලබන 15 වැනිදා පමණක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව පවසයි.

එම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක,  යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ලක්ෂ 16 ක් වන රජයේ සේවකයින්ට පිට පිට දින දෙකක් රජයේ නිවාඩු දීමෙන් රට ගෙනියන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා විමසා ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

Mohamed Dilsad

තැපැල් ඡන්ද ගණන 78,403ක් ප්‍රතික්ෂේප වේ

Mohamed Dilsad

Leave a Comment