ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

(UTV|මහනුවර) – මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිත අතර මහනුවර ඇසළ පෙරහැර ක්‍රියාත්මක වන කාල වකවානුව තුළ මස් මාංශ වෙළඳසැල් සහ සුරාසල් වසා දැමීමට පෙරහැර සංවිධායක කමිටුව ඒකමතිකව තීරණය කොට ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පැවති පෙරහැර සංවිධාන කමිටුවේදී මෙම තීරණය ගෙන ති‍බේ.

ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අගොස්තු 16 වැනි දින සිට පෙරහැර සමාප්ති උත්සවය පවත්වන කාල සීමා දක්වා (26 දක්වා) මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ වසා තැබෙනු ඇත.

මහනුවර නගර සීමාවේ මාළු වෙළඳ සැල් ආගොස්තු 24 සිට 26 දක්වා වසා තැබේ.

කප් සිටුවීම සිදු කළ අගෝස්තු 12 වැනිදා සිට මහනුවර නාගරික සීමාව තුළ වසා දැමීමට තීරණය කරන ලද සුරාසැල් නැවත විවෘත කරන්නේ අගොස්තු 26 වැනි දිනය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment