ප්‍රමුඛ පුවත 1

මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් යුවලක් මිය යති

(උදයම්,ගාල්ල)  – මීගහතැන්න නෙළුහේන 6 කණුව ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ හොරවල දෙසට ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදු විය.

අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති අතර තරුණිය නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක මෙම අනතුරින් මිය ගෙස් තිබේ.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මීගහතැන්න පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සහෝදරත්වය සඳහා වූ බුද්ධිමය සංවාදය මහනුවරදී.

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

හබරණදී තවත් අලියෙකු දිවි පුදයි

Mohamed Dilsad

Leave a Comment