ප්‍රමුඛ පුවත 1

කොරියානු විභාගයට අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

(UTV| කොළඹ) – කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම හෙට (29) දිනයෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙම අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26 වනදා  ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යංශයේ මධ්‍යස්ථාන 18 කදී ආරම්භ කෙරුණු  අතර එම පළමු දිනයේ  පමණක් අයදුම්පත් 4998 ක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම හෙට දිනයෙන් අවසන් වීමට නියමිතය.

ඇගයුම් මත ලකුණුදීමේ ක්‍රමවේදය යටතේ මෙම කොරියානු භාෂා විභාගය පවත්වනු ලබයි.

දකුණු කොරියාවේ නිෂ්පාදන, ඉදිකිරීම් හා ධීවර අංශයන්හි රැකියා සඳහා මෙම අයදුම්පත් නිකුත් කිරීම සිදුකෙරෙන අතර , විභාගයට අයදුම්පත් ලබාගැනීම සඳහා විභාග අපේක්ෂකයා පෞද්ගලිකව ඉදිරිපත් විය යුතුවේ.

මෙම දකුණු කොරියානු රැකියා ලබාදෙන්නේ කොරියාවේ රැකී රක්ෂා හා කම්කරු අමාත්‍යාංශය මගිනි.

එම රැකියා පරිපාලනය කරන ලබන්නේ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් වන අතර  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි සම්බන්ධිකරණ කටයුතු සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගල මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

ශ්‍රී ලාංකික පවුල පිටුවහල් කිරීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නගර රැසක විරෝධතා [video]

Mohamed Dilsad

2018 ජාතික සාහිත්‍ය උත්සවය අද

Mohamed Dilsad

Leave a Comment