ප්‍රමුඛ පුවත 1

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

(UTV| කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වෙයි.

ඊයේ (25) කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේය.

ඒ කොරියානු තානාපතිවරයා විසිනි.ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට කොරියානු ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් මෙම සහතිකය ප්‍රධානය කර ඇත.

මෑත ඉතිහාසයේදී මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විශාල දායකත්වයක් සපයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

අගමැති යළි ජනපති කොමිසමට එයි – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment