ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

(UTV| කොළඹ) – සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරීම සඳහා ‘ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව’ නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙහි මූලික අරමුණ වන්නේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම හා පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ඇගයීම් සංචිතයක් ප්‍රවර්ධනය කිරීමයි.

දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය හා ගුණාත්මක කටයුතු සොයා බැලෙන අධ්‍යාපන ගුණාත්මක හා ප්‍රගති ඒකකයේ දිගුවක් ලෙසට මෙම අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව ක්‍රියාත්මක ‍කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි කථානායක සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment