විදෙස්

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

(උදයම්,ඇමෙරිකාව)  – තවත් ඇමෙරිකානු සෙබළුන් පිරිසක් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගෙන ඇති බව හෙළි වෙයි.

ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා මෙම සෙබළුන් නිරුවත් ඡායාරුප හුවමාරු කරගෙන ඇති බව විමර්ශනයකදී හෙළිව තිබේ.

මේවන විට හමුදා සේවයේ නිරත සෙබළුන් සහ සේවයෙන් විශ්‍රාම ගිය සෙබළුන්ද මෙම කටයුතු සිදු කර ඇති බව හෙළිව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධවල මන්දිරය පවසා ඇත්තේ හමුදා සෙබළුන්ගේ තත්ත්වයට මෙය නොගැලපෙන ක්‍රියාවක් බවය.

මෙම ඡායාරුප වල සිටින කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරුද මේ සමගම හුවමාරු කර ඇති අතර ඒවාට අසභ්‍ය ප්‍රතිචාරද මෙම සෙබළුන් විසින් පළකර ඇත.

මීට පෙරද මෙවැනිම ක්‍රියා වල නිරත වූ ඇමෙරිකානු මැරීන් සෙබළුන් 30,000 ක පමණ සාමාජිකයින් පිරිසක් සිටි Marines United නමැති ෆේස් බුක් ගිණුම අත්හිටුවීමට පියවර ගැනුණි.

 

Related posts

කොරෝනා නිසා කෝටි ගණනක රෝහල් බිලක් ගෙවූ පුද්ගලයා

Mohamed Dilsad

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

Mohamed Dilsad

හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment