ප්‍රමුඛ පුවත 1

ක්‍රයිස්චර්ච් හි ත්‍රස්ත ප්‍රහාර ගැන ජනපති,අගමැති,විපක්‍ෂ නායක ශෝකය පල කරයි

(UTV| කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පාවටත්, ශෝකයටත් පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මෙරට ජනාධිපතිවරයා මේවන විට කෙන්යාවේ සංචාරයක නිරතව සිටින අතරතුර මෙම සංවේදී පුවත දැනගන්නට ලැබී ඇත.

ඉන් පසුව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරුව මිය ගිය අයගේ පවුල් වෙත ශෝකය පල කර තිබේ.

සන්නද්ධ පුද්ගලයන් හෝ ආගමික අන්තවාදීන් වුවද යුක්තිසහගත ලෝකය සියළු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර හෙළා දකින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විඩර් පණිවුඩයක් නිකුත් කරමින් සාමය, බහුවර්ගවාදය සහ සාධාරණත්වය පිළිබඳ ඉතිහාසයක් සහිත නවසීලන්තයට මේ අවස්ථාවේ තම සහය මෙන්ම ශෝකය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධියෙන් එම අගයන් විනාශ කිරීමට නවසීලන්ත ජනතාව ඉඩ ලබානොදෙන බවට සහතික යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ පවුල් වෙත තම සාතිශය සංවේගය පළ කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ද ට්විටර් පණිවුඩයක් නිකුත් ප්‍රකාශ කරයි.

පසුගිය සිකුරාදා සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

නීති විරෝධීව ඊශ්‍රාලයේ රැදී සිටින ශ්‍රමිකයින්ට මාසයක පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment