ප්‍රමුඛ පුවත 1

ලංගම බස් රථයක් තෙල්දෙණියේදී අනතුරට

(UTV| කොළඹ) – ලංගම බස් රථයක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ.

මහනුවර සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව තෙල්දෙණිය පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙක් බස් රථයේ ගමන් කර ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් අතර එක් අයෙකුගේ තත්වය බරපතළ තත්වයේ පසුවූ බැවින් ඔහු මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුර  සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි විදුලි වැටලීමක් 110 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොරෝනා වැළදි ප්‍රථම රෝගියා හමුවේ

Mohamed Dilsad

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

Leave a Comment