විදෙස්

සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි මැතිවරණ සටනේ

(UTV|ඉන්දියාව) – ඉන්දීය මහ මැතිවරණයට තරග කරන කොංග්‍රස් පක්ෂයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති අබව ඉන්දියා වාර්තා පවසයි.

ඒ අනුව කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි ,සෝනියා ගාන්ධි ඇතුළු 15 දෙනෙකුගේ නාමාවලියක් ඊට ඇතුළත් කර ඇති අතර පසුගිය ජනවාරී මාසයේ දේශපාලනයට අවතීර්ණ වූ ප්‍රියංකා ගාන්ධි, කොංග්‍රසයේ ප්‍රථම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කර නොමැත .

ඒ අනුව උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, අමෙති සහ රෙබරේලි ආසනවලින් රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙවරත් මැතිවරණයට ඉදිරිපත් වනු ඇති.

17 වැනි ලොක් සභාවට සභිකයින් 543 දෙනෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම ලබන මැයි මාසයේ පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

Mohamed Dilsad

ලොව පුරා කොවිඩ් මරණ ගණන 8 ලක්‍ෂ 23 දහස ඉක්මවයි

Mohamed Dilsad

ඵෙතිහාසික ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට

Mohamed Dilsad

Leave a Comment