ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩට නඩු පවරන්න සුදානම්

(UTV| කොළඹ) – තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කරයි.

ඒ බව අද (06) රහස් පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, අදාළ තරුණයින් පිරිස පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේක්ෂකයන් කිහිපදෙනෙකුගේ අවසන් ජනරැළි හා මාධ්‍ය හමුවීම්

Mohamed Dilsad

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

Mohamed Dilsad

අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment