විදෙස්

සෞදිය ඔසාමාගේ පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි..

(UTV| සෞදිය) – හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය සෞදිය විසින් අහෝසි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔහු පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව ප්‍රකාශ කර දිනකට පසුව මෙම තහනම් කිරිම සිදු කිරිමත් සුවිශේෂී බව එම මාධ්‍ය කියයි.

ඔහු පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

2017 වසරේදී අමෙරිකාව, හම්සා බින් ලාඩන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

Mohamed Dilsad

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

හවායි ලැව්ගිනිවලින් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment