විදෙස්

පාකිස්ථානයෙන් ඉන්දීය දේශ සීමාවට මෝටාර් ප්‍රහාරයක්

(UTV|ඉන්දියාව) – ඉන්දීය දේශසීමාව ආසන්නයට පාකිස්තානයේ ආරක්ෂක අංශ විසින් මෝටාර් සහ සුළු අවි ප්‍රහාරයක් එල්ල කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙය ඉන්දීය ප්‍රහාරක යානා විසින් ඊයේ(26) අලුයම එල්ලකළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් බව  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර සිවිල් වැසියන්ගේ නිවාස කිහිපයකටද ශෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ චෝදනා කර තිබේ.

පවතින අර්බුධකාරී තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙරටේ අග්‍රාමාත්‍යවරු විසින් ආරක්ෂක මණ්ඩල කැඳවා  බවද වාර්තාවේ.

දේශ සීමා මුල්කර ගත් ඉන්දු – පාකිස්ථාන අර්බුදය උග්‍ර කරමින් පාකිස්ථාන ගුවන් කලාපයටද ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාව එරට ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ඊයේ අලුයම ගුවන් ප්‍රහාර එල්ල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරකයින්හට ක්ෂමා ආයතනයෙන් උසදෙසක්

Mohamed Dilsad

ඉන්දීය රුපියලත් පහත වැටේ

Mohamed Dilsad

Leave a Comment