ප්‍රමුඛ පුවත 1

විදුලි ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකරයි – අමාත්‍ය රවී කරුණානායක .

(UTV| කොළඹ) – කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

විදුලි ගාස්තු ඉහළ දමා පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කිරීම නොව විදුලි ගාස්තු පහළ දැමීම පිළිබද තමන් සළකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට විදුලි ඒකකයක් නිපදවීම සදහා රුපියල් 23 ත් 24 ත් අතර මුදලක් නිෂ්පාදන පිරිවැය වශයෙන් දැරීමට සිදු වුවත් එය අලෙවි කරන්නේ රුපියල් 16 ක මිළකට බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

 

Related posts

දුමීන්ද නොහොත් පප්පා අත්අඩංගුවට…

Mohamed Dilsad

අද කොළඹට එන අය මේ මාර්ග පිළිබඳව දැනුවත් වන්න

Mohamed Dilsad

ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට කොළඹ වරාය පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment