ප්‍රමුඛ පුවත 1

හදිසි වාහන පරීක්‍ෂාවක්

(UTV|බදුල්ල) – ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක් සිදු කරයි.

බදුල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ දී සිදුකළ මෙම වැටලීමේ දී අමතර ලාම්පු, ස්ටිකර් ඇතුළු රියදුරුගේ පෙනීමට බාධාවන ආකාරයේ සියලු සවිකිරීම් පරීක්ෂා කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරුන් සහ හාලිඇල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් එක්වයි මෙම වැටලීම සිදු කර තිබේ.

රථවාහන 45 කට පමණ අලුත්වැඩියා සහ තහනම් නියෝග නිකුත් කෙරුණු අතර අමතර ආලෝක පද්ධති හා අධික ශබ්දයෙන් යුතු නලා සවිකිරීම් ඇතුළු රථවාහන වැරදි රැසක් මෙහිදී සොයා ගැනුණි.

බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කළ බස් රථයක මගීන් ඉවත්කර ඔවුන් වෙනත් බස් රථවල ගමන් කරවීමට ද කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

Leave a Comment