ප්‍රමුඛ පුවත 1

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1000ක් පිලිබඳ තොරතුරු

මේ වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් 1000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගයට ගොදුරුව මියගිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු මේ වසරේ වාර්තා වී නොමැත.

2016 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව ක්‍රීයාත්මක කළ ඩෙංගු මර්දන වැඩසටහන් සමස්ත වාර්තාවට අනුව පරික්ෂාවට ලක් කර ඇති මුළු පරිශ්‍ර සංඛ්‍යාව 2,298,003 කි.
මෙහිදී ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 40,287 ක් ද, මදුරු කීටයින් බෝවිය හැකි පරිශ්‍ර 452,934 සොයා ගෙන ඇත.
එහිදී පරිශ්‍ර 315,252 ක් නිවැරදි කිරීමටත්, 97,592 කට නොතීසි නිකුත් කිරීමටත්, 12,940 කට නඩු පැවැරිමටත් කටයුතු කර ඇත.
මෙහිදී වර්ෂය පුරාවට නිවාස 2,153,218ක් ද, පාසල් 9,301ක් ද, රාජ්‍ය ආයතන 13,902ක් ද, පෞද්ගලික ආයතන 62,777ක් ද, කර්මාන්ත ශාලා 6,442ක් ද, වැඩබිම් 12,920ක් ද පරීක්ෂාවට ලක් කර ඇත.
මෙහිදී වැඩිම මදුරු කීටයන් හමුව ඇත්තේ නිවාස ආශ්‍රිත පරිශ්‍රවලින් වන අතර එය 35,097ක් වෙයි.
පාසල් 667ක ඩෙංගු මදුරු කීටයින් සොයාගෙන ඇති අතර, පාසල් 81කට සහ පෞද්ගලික ආයතන 713කට ද නඩු පැවැරීමට කටයුතු කර ඇත.
2017 වසරේ දී තවදුරටත් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දෙන ලදි.

Related posts

නිශාන්ත සිල්වා රටින් පිටවීමට එරෙහිව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි [VIDEO]

Mohamed Dilsad

“ආවා” කල්ලියේ නායකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් දෙදෙනෙකු ගැන එරන්ද කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment