ප්‍රමුඛ පුවත 1

නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වසර 2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගැනීමේ සිද්ධියේ තරුණයින් 3 දෙනෙකුට වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ චෝදනා යටතේය.

කන්කසන්තුරේ නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරමින් සිටි නාවික හමුදා සෙබලෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම තරුණයින් 11 දෙනා පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදුන් බවට  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට ද චෝදනා එල්ල කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි.අයෙකු මරුට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා පිළිබඳ ජනාධිපති කොමීසමේ කාලය දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

Leave a Comment