ප්‍රමුඛ පුවත 1

මන්නාරම ධීවර කර්මාන්තය ලංකාවේ අංක එකට ගේනවා – ඇමති රිෂාඩ්..

(UTV| කොළඹ) – මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එම වැඩපිළිවෙලේ මූලික පියවරක් ලෙස ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා 5000 ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ වගේම, පසුගිය යුධ සමයේදී මන්නාරම ප්‍රදේශයේ ධීවර කටයුතු බොහෝ සෙයින් අඩාල වී ඇති අතර, ඇතැම් ධීවරයින් තම කර්මාන්තයෙන් සමුගෙන වෙනත් රැකියා සඳහා යොමු වූ බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මේ තත්වය මේ වන විට නතර වී ඇතිමුත් ධීවර කටයුතු සඳහා යොමුවන පිරිස් අඩුවී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද පැමිණිලි භාර ගැනීමට ඒකකයක්

Mohamed Dilsad

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර අත්සන් තැබීමට දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment