ප්‍රමුඛ පුවත 1

ඊ-හෙල්ත් කාඩ්පත අද සිට හඳුන්වා දෙයි

(UTV| කොළඹ) – නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වාදීම අද (21) කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් මෙය ක්‍රියාවට නංවයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හඳුන්වාදීමට නියමිතව ඇත.

විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය බව සඳහන් වෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විමට පාර්ලිමේන්තු අනුමැතිය

Mohamed Dilsad

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment