ප්‍රමුඛ පුවත 1

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද සිට

(UTV| කොළඹ) – මෙරට දැව කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද(20) සිට ආරම්භ කෙරේ.

අදාල ලියාපදිංචි කිරිමෙන් පසු හඳුනාගැනිම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරිමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණයකට අනුව මෙම ලියාපදිංචිය සිදු කරන බවයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඒ සඳහා ලියාපදිංචි බලපත්‍රය ලබාගත යුතුවේ.

විශේෂයෙන් යාන්ත්‍රිනික කියත් භාවිතයෙන් සිදු වන ජාවාරම් නතර කිරිම ,වන විනාශය පාලනය කිරිම, සහ ගස් කැපීම නියාමනය කිරිම මෙහි අරමුණ වී තිබේ.

මෙම ලියාපදිංචි කිරිමේ කටයුතු ලබන 28 වනදායි අවසන් වන අතර එදිනට පෙර සියලු යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළ යුතුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් අධ්‍යාපන ආයතන 10 ක් ස්ථාපනය කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එමිල් රංජන් යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment