ප්‍රමුඛ පුවත 1

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ඇණ හිටී

(උදයම්,කොළඹ)  –  කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන,තෙවන සහ සිව් වන වසර වල සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බව විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(8) රාත්‍රී ගැටුමක් හටගැනුණි.ඉන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු ප්‍රකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලවරණය හේතුවෙන්  මෙම ගැටුම හටගෙන තිබේ.
මෙම ගැටුමත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ නේවාසිකාගාර වල සිටි සිසුන්ද ඉන් ඉවත් කිරීමට  පියවර ගත්තේය.
නමුත් ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු සහ අනෙක් පීඨ වල අධ්‍යයන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුකරන බව වාර්තාවේ.

Related posts

කිතුනුවන් මහා සිකුරාදාව සමරයි

Mohamed Dilsad

ගාල්ලේ ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක බොට්ටු සහ ජිවිතාරක්ෂක නිලධාරීන් ස්ථානගත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment